රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ව්ලැඩිමීර් කොලොකොල්ට්සෙව් (Vladimir Kolokoltsev) සහයෝගිතා සාකච්ඡා සඳහා උතුරු කොරියාවට පැමිණි බව අද (අප්‍රේල් 21) වාර්තා වේ. දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් මෙම සංචාරය සංවිධානය කර ඇත.
නීතිය බලාත්මක කිරීමේ ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගිතාව වර්ධනය කරගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙන බව රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා ඉරීනා වොල්ක් සඳහන් කර තිබේ. පියොන්ග්යෑන්ග් නුවරට පැමිණි අමාත්‍යවරයා උණුසුම් අයුරින් පිළිගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප ද මාධ්‍ය වෙත නිකුත් කර ඇත.
2022 වසරේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියාව සහ උතුරු කොරියාව අතර සබඳතා අතිශය සමීප වී ඇති අතර පසුගිය වසරේදී ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ උතුරු කොරියානු සංචාරය අතරතුර දෙරට අතර “සමස්ත උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුමක්” ද අත්සන් කෙරිණි. එම ගිවිසුමට අනුව යුක්රේන යුද්ධය සඳහා සහය වීමට උතුරු කොරියානු සොල්දාදුවන් 14,000ක් පමණ මේ වන විටත් රුසියාවේ කර්ස්ක් (Kursk) ප්‍රදේශයට යවා ඇති බව වාර්තා වේ.














