ශ්‍රී ලංකාව සහ චීනය අතර මාධ්‍ය සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් දෙරටේ මිත්‍රත්වය ශක්තිමත් කිරීමට දක්වන දායකත්වය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයේ CGTN සිංහල සේවය අද (21) විශේෂ ඇගයීමකට ලක් විය.
චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බෙයිජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී මෙම ඇගයීම් උත්සවය පැවැත්විණි. සිංහල භාෂාවෙන් පුවත් සහ සංස්කෘතික තොරතුරු ව්‍යාප්ත කරමින් දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය ඇති කිරීමට CGTN සිංහල සේවය ඉටුකරන මෙහෙවර මෙහිදී ඇගයීමට ලක් වූ අතර, එම සේවය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ Shi Yue මහත්මිය සම්මානය ලබා ගත්තාය.
මෙම උපහාර උත්සවය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා-චීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් සපිරීම සහ ඓතිහාසික සහල්-රබර් ගිවිසුමට වසර 75ක් සපිරීම නිමිත්තෙනි. CGTN සේවයට අමතරව ද්විපාර්ශ්වික සබඳතා වෙනුවෙන් කැපී පෙනෙන සේවයක් ඉටු කළ තවත් ආයතන කිහිපයක් ද මෙහිදී උපහාර ලැබීය.














