හැටන් දික්ඔය ප්‍රදේශයට අද (21) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් දික්ඔය ෆෝඩයිස් වතුයායේ පහත්බිම්වල පිහිටි වතු නිවාස 50ක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.
වතුයාය හරහා කාසල්රි ජලාශයට ජලය ගලා බසින දික්ඔය ඇළ පිටාර ගැලීම හේතුවෙන් මෙලෙස නිවාස සහ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වී ඇත. මේ හේතුවෙන් හැටන් – ෆෝඩයිස් හරහා ඩයගම මාර්ගයේ ගමනාගමන කටයුතු ද සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව හැටන් පොලීසිය පවසයි.
විපතට පත් ජනතාවට සහන සැලසීම සහ මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රදේශවාසීන් සහ අදාළ බලධාරීන් කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.














