ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් “සාමය සඳහා ඇවිදින්න” (Walk For Peace) සාම පාගමන ආරම්භ කිරීමට පෙර සිදු කරනු ලබන මූලික ආගමික වතාවත් මේ වන විට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝමළුවේදී පවත්වනු ලැබේ.
මෙම සාම පාගමනට නායකත්වය දෙන පඤ්ඤාකර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගෙම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව, උඩමළුව වෙත වැඩම කර ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා මල් පහන් පූජා කරමින් ආගමික වතාවත්වල නිරත වූහ.
මෙම අවස්ථාවට දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා, විවිධ රටවලින් පැමිණි බෞද්ධ බැතිමතුන් මෙන්ම මැති ඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටිති. ලෝක සාමය ප්‍රාර්ථනා කරමින් සංවිධානය කර ඇති මෙම පාගමන ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා ගමන් කිරීමට නියමිතය.














