දිගුකාලීන වකුගඩු අක්‍රියතාවයෙන් පෙළෙන රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන පෙරිටෝනියල් ඩයලයිසිස් ද්‍රාවණ (Peritoneal Dialysis Solution) සැපයීමේ ප්‍රසම්පාදනය පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමකින් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගෙන ඇත.
අදාළ කොන්ත්‍රාත්තුව Infuxion Lanka (Private) Limited ආයතනය වෙත පිරිනමා ඇති අතර, ඒ යටතේ ලීටර 2 ප්‍රමාණයේ පෙරිටෝනියල් ඩයලයිසිස් ද්‍රාවණ බෑග් 800,000ක් සැපයීමට නියමිතය. ඒකකයක මිල රුපියල් 1,112/-ක් වන අතර වෛද්‍ය සැපයීම් අංශය වෙත භාර දීම දක්වා වන මුළු පිරිවැය රුපියල් මිලියන 889.6කි. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව මගින් වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණ ක්‍රියාවලිය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට රජය අපේක්ෂා කරයි.













