වවුනියා දිස්ත්‍රික්කයේ පවතින උග්‍ර පානීය ජල හිඟයට විසඳුමක් ලෙස එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත වැසි ජල ටැංකි 50ක් බෙදාදීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේ ප්‍රථම අදියර ලෙස වැසි ජල ටැංකි 23ක් ජනතාව වෙත බෙදාදීම දැනටමත් සිදු කර ඇත. වවුනියාව ප්‍රදේශයේ දුෂ්කර ගම්මානවල ජීවත් වන, පානීය ජල හිඟයෙන් දැඩි ලෙස පීඩාවට පත් පවුල් සඳහා තිරසාර සහ ප්‍රායෝගික විසඳුමක් ලබාදීම මෙහි මූලික අරමුණයි.
මෙම ව්‍යාපෘතිය හරහා වැසි ජලය රැස් කර ගබඩා කර ගැනීමට පහසුකම් සැලසීම මගින් වියළි කාලගුණික තත්ත්වයන් හමුවේ ජනතාව මුහුණ දෙන පීඩාව අවම කර ගැනීමට අපේක්ෂා කෙරේ.














