මෝටර් වාහන සඳහා අංක ලක්ෂයක් ඉදිරියෙන් ඇති විශේෂ අංක වෙන් කරවා ගැනීම මගින් පසුගිය වසර හතරක කාලය තුළ රුපියල් කෝටි 118ක ආදායමක් උපයා ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දී තිබේ.
එක් විශේෂ වාහන අංකයක් වෙන් කිරීම වෙනුවෙන් රුපියල් දශ ලක්ෂයක (ලක්ෂ 10ක) ගාස්තුවක් අය කිරීමට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මෙහිදී නිල වශයෙන් අවසර ලබා දී ඇත. මෝටර් සයිකල්, ත්‍රීරෝද රථ සහ ත්‍රීරෝද වෑන් රථ හැර අනෙකුත් සියලුම වාහන සඳහා මෙම විශේෂ අංක ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ
2023 වසරේදී වාහන 11ක්
2024 වසරේදී වාහන 46ක්
2025 වසරේදී වාහන 692ක්
2026 මේ දක්වා කාලය තුළ වාහන 436ක්
මෙහිදී අනාවරණය වූ තවත් විශේෂ කරුණක් වන්නේ වසර තුනක පමණ කාලයක් මෙම ගාස්තු අය කර ඇත්තේ නිසි ගැසට් නිවේදනයක් නොමැතිව බවයි. කෙසේ වෙතත්, නව අනුමැතියත් සමඟ මෙම ක්‍රියාවලිය වඩාත් විධිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.












