මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවැති 15 වැනි “සයිලන්ට් නයිට්” (Silent Knight) ජාත්‍යන්තර කරාටේ ශූරතා තරගාවලියට සහභාගී වී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 07ක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (අප්‍රේල් 23) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියහ. රටවල් 11ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,000කගේ සහභාගීත්වයෙන් අප්‍රේල් 17 සිට 19 දක්වා පැවැති මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වීමට මෙම කුඩා ක්‍රීඩකයෝ සමත් වූහ.
මෙහිදී විශේෂ ජයග්‍රහණයක් වාර්තා කරමින් පොල්ගහවෙළ බර්නඩෙත් ආදර්ශ මහා විද්‍යාලයේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අගන කුළතුංග සිසුවා, අවුරුදු 09න් පහළ ‘කාතා’ පිරිමි ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. එමෙන්ම පින්නවල ජාතික පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන හිරුෂ්ම ගයාල් අතපත්තු සිසුවා, අවුරුදු 15න් පහළ ‘කාතා’ සහ ‘කුමිතේ’ යන ඉසව් දෙකෙන්ම ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් අත්කර දුන්නේය.
ජයග්‍රාහී ක්‍රීඩක පිරිස අද පස්වරු 2.45ට ෆිට්ස් එයාර් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක වෙත පැමිණි අතර, ඔවුන් පිළිගැනීම සඳහා දෙමාපියන් සහ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ. ජාත්‍යන්තර තලයේදී මෙරට නාමය බැබළවූ මෙම කුඩා ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඇගයීමට ලක් කරමින් ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ උණුසුම් පිළිගැනීමක් හිමි විය.














