• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිඟ බදු ගෙවීමට මෙන්ඩිස් සමාගම ඉල්ලූ සහනය අධිකරණය ඉවත දමයි

අධ්‍යක්ෂවරුන්ට දැඩි නියෝග

24 April 2026
in දේශීය, පුවත්
හිඟ බදු ගෙවීමට මෙන්ඩිස් සමාගම ඉල්ලූ සහනය අධිකරණය ඉවත දමයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
හිඟ වැට් බදු මුදල් ගෙවීම සඳහා සහනයක් ලබාදෙන ලෙස ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය, අදාළ හිඟ බදු මුදල් නියමිත පරිදි ගෙවා අවසන් කරන ලෙස එම සමාගමේ අධ්‍යක්ෂවරුන්ට අද (අප්‍රේල් 24) නියෝග කළේය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
2016-2017 වර්ෂවලට අදාළව රුපියල් මිලියන 996ක බදු මුදලක් පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී, විත්තිකාර අධ්‍යක්ෂවරයකු වන අර්ජුන් ඇලෝසියස් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අත්හිටුවා ඇති බවයි. එමෙන්ම මත්පැන් නිෂ්පාදනාගාර වෙන්දේසි කිරීමට බැංකු සූදානමින් සිටින බැවින් දැඩි මූල්‍ය දුෂ්කරතා පවතින බවත්, එබැවින් දැනට නියම කර ඇති බදු වාරික සංශෝධනය කර සහනයක් ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙන්වා දුන්නේ බදු පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නඩු පහක් ගොනු කර ඇති බවයි. මීට පෙර එක් නඩුවකදී බදු නොගෙවීම නිසා අධ්‍යක්ෂවරුන්ට සිර දඬුවම් පවා නියම වූ බව සඳහන් කළ ඔහු, කිසිදු සහනයක් ලබා නොදී නියමිත පරිදි බදු අය කර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, බදු ගෙවිය යුතු කාලය දැනටමත් ඉක්මවා ගොස් ඇති බැවින් කිසිදු සංශෝධනයකින් තොරව නියමිත පරිදි බදු මුදල් ගෙවන ලෙස නියෝග කළේය. මෙම ගෙවීම්වල ප්‍රගතිය වාර්තා කරන ලෙස නියම කළ අධිකරණය, නඩුව මැයි මස 25 වන දින නැවත කැඳවීමට තීරණය කළේය.
Post Views: 11
Previous Post

කැලණි ගඟේ තිබී හමුවූ තරුණයාගේ සිරුර පිළිබඳ මිනීමැරුම් සැකයක්

Next Post

ඉරානය වෙනුවට ලෝක කුසලානයට පිවිසීමේ යෝජනාව ඉතාලිය ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානය වෙනුවට  ලෝක කුසලානයට  පිවිසීමේ යෝජනාව  ඉතාලිය ප්‍රතික්ෂේප කරයි

ඉරානය වෙනුවට ලෝක කුසලානයට පිවිසීමේ යෝජනාව ඉතාලිය ප්‍රතික්ෂේප කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved