මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන “ජනාධිපති පරිසර සම්මාන – 2026” වැඩසටහන සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2026 මැයි මස 15 වනදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත. අයදුම්කරුවන්ගෙන් ලැබුණු ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගත් බව එම අධිකාරිය නිවේදනය කරයි. මෙම සම්මාන උළෙල සඳහා “කර්මාන්ත අංශය”, “ව්‍යාපෘති අංශය” සහ “ආයතන, මාධ්‍ය හා සමාජ අංශය” යන ප්‍රධාන අංශ තුනක් යටතේ අයදුම් කළ හැකිය.
අයදුම්පත් සහ වැඩිදුර තොරතුරු මධ්‍යම පරිසර අධිකාරියේ නිල වෙබ් අඩවිය වන www.cea.lk වෙතින් හෝ 0112888999 යන ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් ලබාගත හැක. එසේම සහකාර අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය ලක්මිණී රාධිකා (0725064285), සංජීව පුළුකුට්ටිආරච්චි (0712691109) හෝ ඩී. එම්. එස්. එස්. බණ්ඩාර (0777960357) යන මහත්ම මහත්මීන් සම්බන්ධ කර ගැනීමෙන් ද විස්තර ලබාගත හැකිය. “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්තියට සමගාමීව පවත්වනු ලබන මෙම සම්මාන ප්‍රදානෝත්සවය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 ඔක්තෝම්බර් මාසයේදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතය.














