යුක්රේනය විසින් කිලෝමීටර් සිය ගණනක් හෝ දහස් ගණනක් දුරින් පිහිටි ඉලක්ක වෙත පවා පහර දිය හැකි, දුරස්ථ පාලක මගින් මෙහෙයවන නවීනතම ඩ්‍රෝන යානා නිපදවා ඇති බව එර රට ආරක්ෂක අමාත්‍ය මයිකල් ෆෙඩෝරොව් (Mykhailo Fedorov) ප්‍රකාශ කළේය.
2022 වසරේදී රුසියානු ආක්‍රමණය ආරම්භ වන විට යුක්රේනය සතුව ඩ්‍රෝන නිෂ්පාදන හැකියාවක් නොතිබූ තරම් වුවත්, මේ වන විට එය එරට ඉතා දියුණු කර්මාන්තයක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම සතුරාගේ ඩ්‍රෝන ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා ඉතා ලාභදායී සහ කාර්යක්ෂම ක්‍රමයක් ලෙස මෙම “අන්තර්ඡේදක ඩ්‍රෝන” (Interceptor drones) නිෂ්පාදනය කෙරෙහි යුක්රේනය වැඩි අවධානයක් යොමු කර ඇත.
නව පරපුරේ මෙම ඩ්‍රෝන යානා දුරස්ථව මෙහෙයවීමේ හැකියාව (Remote-control) පවතින බැවින් ඉතා ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව සතුරු ඉලක්ක විනාශ කිරීමට හැකි බව ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙමගින් යුද පිටියේ පවතින බල තුලනය සැලකිය යුතු ලෙස වෙනස් වනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














