එළඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය (PHI) පවසයි.
දන්සල් පැවැත්වීමට අදහස් කරන සියලු පාර්ශ්වයන් තමන් අයත් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී, දන්සල පවත්වන ස්ථානය සහ එහි ස්වභාවය පිළිබඳව දැනුම් දී ලියාපදිංචි විය යුතුය. ලියාපදිංචි වන සංවිධායකයින් සඳහා සෞඛ්‍යාරක්ෂිතව ආහාර පිළියෙල කිරීම සහ බෙදාහැරීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
දන්සල පවත්වන ස්ථානයේ පිරිසිදුකම සහ කසළ බැහැර කිරීමේ ක්‍රමවේදය.
පානීය ජලය සහ ආහාර පිසීමට ගන්නා ජලයේ ප්‍රමිතිය.
ආහාර පිසීමට ගන්නා උපකරණ සහ අමුද්‍රව්‍යවල ගුණාත්මකභාවය.
ආහාර පිසින සහ පිළිගන්වන පුද්ගලයින්ගේ සෞඛ්‍යාරක්ෂිතභාවය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ලියාපදිංචියෙන් තොරව හෝ සෞඛ්‍යාරක්ෂිත නොවන අන්දමට පවත්වන දන්සල් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා බව සංගමයේ සභාපති කේ.පී. බොරලැස්ස මහතා අවධාරණය කළේය. පොදු මහජනතාවට සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබාදීම තහවුරු කිරීම මෙම ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණයි.














