හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෘද සැත්කමකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුගේ නිවසට ගොස් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස හෙළා දකින බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
කොළඹදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අබේවර්ධන මහතා අවධාරණය කළේ, රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මේ වන විට රෝගී තත්ත්වයෙන් පසුවන බවයි. එවැනි සංවේදී මොහොතක පිටස්තර පුද්ගලයින් ඔවුන්ගේ පෞද්ගලික නිවසට ඇතුළු වීම රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වයට සහ ආරක්ෂාවට බරපතල තර්ජනයක් විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම ක්‍රියාව දේශපාලන වශයෙන් මෙන්ම මානුෂීය වශයෙන් ද නොසීහුණු බවත්, රෝගී වී සිටින හිටපු රාජ්‍ය නායකයෙකු සහ ඔහුගේ බිරිඳගේ සෞඛ්‍යමය අවශ්‍යතා පිළිබඳව බලධාරීන් මීට වඩා සැලකිලිමත් විය යුතුව තිබූ බවත් වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














