වෙසක් පොහොය නිමිත්තෙන් මැයි 31 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින්, මීට පෙර මැයි 2 වැනිදා සඳහා ලබා දී තිබූ රජයේ නිවාඩුව අවලංගු කර ඇත. ඒ වෙනුවට මැයි 31 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි 27 වැනිදා සිට ජුනි 2 වැනිදා දක්වා කාලය ‘වෙසක් සතිය’ ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.














