මහා භාණ්ඩාගාරයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සැබෑ ලෙසම හැකර්වරුන් විසින් සිදුකළ එකක් යැයි විශ්වාස කළ නොහැකි බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කරයි.
අද (24) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් ස්වාධීන සහ සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට නම් ඊට අදාළ බලධාරීන් සිය ධුරවලින් ඉවත් විය යුතු බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා සහ විෂයභාර අමාත්‍යවරයා වහාම තම ධුරවලින් ඉල්ලා අස්විය යුතුය.
රජයේ මුදල් පද්ධතියෙන් මෙවැනි විශාල මුදලක් බැහැරට යාම හුදෙක් බාහිර හැකර් ප්‍රහාරයක් ලෙස පමණක් හඳුන්වා දීම පිළිගත නොහැකි බවත්, මෙහි පවතින සැබෑ තත්ත්වය ජනතාවට හෙළි කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.














