කෙන්යාවේ නයිරෝබි නුවර පැවති 2026 ‘කිප් කේනෝ ක්ලැසික්’ (Kip Keino Classic) මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අභිමානයක් අත්කර දෙමින් පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් විය.
එහිදී ඔහු විසින් මීටර් 89.28ක දැවැන්ත දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ අතර, එය එම තරගාවලියේ නව වාර්තාවක් (Meet Record) ලෙස ද ඉතිහාසයට එක්විය. මීට පෙර මෙම තරගාවලියේ වාර්තාවට හිමිකම් කීවේ මීටර් 87.35ක දක්ෂතාවක් දැක්වූ බෙල්ජියමේ තිමොති හර්මන් ය.
රුමේෂ් තරංගගේ මෙම සුවිශේෂී ජයග්‍රහණය ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩා ඉතිහාසයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් වාර්තා වූ ඉහළම දක්ෂතාවක් ලෙස සැලකෙන අතර, ඔහු මේ හරහා ලෝක මට්ටමේ ක්‍රීඩකයන් අතරට සිය නාමය රැගෙන යාමට සමත්ව ඇත.














