මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී සිදු කළ බව කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විපක්ෂය එල්ල කරන චෝදනා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රතික්ෂේප කර තිබේ. ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, හිටපු පාලකයන් තමන්ගේ “දූෂිත මිම්මෙන්” වර්තමාන රජය මැනීමට උත්සාහ නොකළ යුතු බවයි.
හිටපු පාලකයන් මෙම සිදුවීම විවේචනය කරන්නේ ඔවුන් සතු දූෂිත අත්දැකීම් පදනම් කරගෙන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා මහ බැංකු වංචාව සිදුකළ සමයේ අනුගමනය කළ ක්‍රමවේද පිළිබඳව ඔවුන් හොඳින් දන්නා බවත් අමාත්‍යවරයා චෝදනා කළේය.
මුදල් අමාත්‍යාංශයේ ගිණුමකට අනවසරයෙන් ඇතුළු වී ඩොලර් මිලියන 2.5ක වංචාවක් සිදු වූ බවට පැතිර යන පුවත් පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “පැලවත්තෙ ගිණුමකට වගේ ආවා කියලා ඔවුන් දන්නවා නම්, ඒ තොරතුරු ලබාදීමේ හැකියාව ඔවුන්ට තියෙනවා. මෙතන කිසිදු වංචාවක් සිදුවෙලා නැහැ” යනුවෙනි.
පාලකයන්ගේ චෝදනාවලට පිළිතුරු දෙමින් ඔහු අවධාරණය කළේ, වර්තමාන රජය යටතේ එවැනි මූල්‍ය වංචාවන්ට කිසිදු ඉඩක් නොමැති බවයි.














