දිවයින පුරා ක්‍රියාත්මක වන විශේෂ අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (24) දිනයේදී අපරාධවලට සෘජුවම සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම්වලදී පුද්ගලයින් 29,818 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති බව වාර්තා වේ. එමෙන්ම මෙම මෙහෙයුම් අතරතුර දින වරෙන්තුකරුවන් 235 දෙනෙකු සහ විවෘත වරෙන්තු නිකුත් කර තිබූ පුද්ගලයින් 206 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇත. අපරාධ මැඩපැවැත්වීම සහ මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීමේ අරමුණින් මෙම විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.














