දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බව එම නිවේදනයේ සඳහන් වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.














