ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු බව කියන පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් විසින් එල්ල කරන ලද පහරදීමකින් අඹුසැමි යුවළක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ඉපලෝගම පොලිසිය වාර්තා කරයි.
මෙලෙස පහර කෑමට ලක්ව රෝහල් ගත කර ඇත්තේ ඉපලෝගම ප්‍රදේශයේ පදිංචි 34 සහ 38 යන වයස්වල පසුවන අඹුසැමි යුවළකි. ඉපලෝගම ප්‍රාදේශීය සභාව මගින් හිරිපිටියාගම ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ අවුරුදු උත්සවයක් අතරතුරදී මෙම පහරදීම සිදුව ඇති බව අදාළ අඹුසැමියන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
පහරදීමෙන් තුවාල ලැබූ යුවළ මුලින්ම කැකිරාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහල වෙත මාරු කර යවා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














