ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරන ලද ඩීසල් ආනයන ක්‍රියාවලියේදී මහා පරිමාණ දූෂණ සහ අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා කරමින් ඒකාබද්ධ විපක්ෂය අද (27) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
අදාළ ඩීසල් මිලදී ගැනීමේ ගනුදෙනුව හේතුවෙන් රජයට සහ මහජනතාවට දැවැන්ත මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බව ඒකාබද්ධ විපක්ෂය සිය පැමිණිල්ල මගින් පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසත්, අදාළ බලධාරීන්ගෙන් කරුණු විමසා ගනුදෙනුවට අදාළ සියලු ලිපිගොනු පරීක්ෂාවට ලක් කරන ලෙසත් ඔවුන් කොමිසමෙන් ඉල්ලා සිටියි.
මෙහිදී යම් වංචාවක් හෝ අලාභයක් සිදුව ඇති බව තහවුරු වුවහොත්, ඒ සඳහා වගකිව යුතු දේශපාලන අධිකාරියට සහ නිලධාරීන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද විපක්ෂ නියෝජිතයෝ වැඩිදුරටත් අවධාරණය කරති. මෑත කාලීන ඉන්ධන ආනයන ක්‍රියාවලිය පිළිබඳව විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වෙමින් පවතින පසුබිමක මෙම පැමිණිල්ල ගොනු කිරීම විශේෂත්වයකි.














