‘රී බිල්ඩින් ශ්‍රී ලංකා’ (Rebuilding Sri Lanka) අරමුදලට ලැබෙන සහ වැය කරන සියලු මුදල් සම්බන්ධයෙන් රජය ඉතා ඉහළ විනිවිධභාවයකින් කටයුතු කරන බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
මෙම අරමුදලේ මුදල් කිසිදු ආකාරයකින් අවභාවිත වී නොමැති බවත්, ඒ පිළිබඳව පැතිර යන චෝදනා පදනම් විරහිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. අරමුදල් පරිහරණය කිරීමේදී රජය දැඩි මූල්‍ය විනයක් අනුගමනය කරන බව ඔහු වැඩිදුරටත් සහතික කළේය.
ලැබෙන සියලුම දේශීය හා විදේශීය පරිත්‍යාග මහා භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලට බැර කෙරෙන බවත්, ඒවා පෞද්ගලික ගිණුම්වල රඳවා නොගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.
සුළි කුණාටු ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා මෙම මුදල් ඉතා ක්‍රමවත්ව වැය කිරීමට රජය සැලසුම් කර ඇති බව ද අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.













