කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (27) දිනය අවසානයේ සාධනීය වර්ධනයක් පෙන්නුම් කරමින් අවසන් විය.සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද දිනය තුළ ඒකක 44.68 කින් ඉහළ ගිය අතර, ඒ අනුව දිනය අවසානයේ දර්ශකය ඒකක 22,612.31 ක් ලෙස සටහන් විය.
වෙළෙඳපොළ තුළ අද දින වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3 කි.
ආයෝජකයින්ගේ සක්‍රීය දායකත්වය සහ වෙළෙඳපොළ කෙරෙහි පවතින විශ්වාසය මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.













