රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාර හිමිනම ලබන මැයි මස 02 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (27) අවසර ලබා දුන්නේය.
පසුගිය 26 වනදා තායිලන්තයේ සිට මෙරටට පැමිණි චීවරධාරීන් 22 නෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන් සන්තකයේ තිබූ පාසල් උපකරණ සහ රසකැවිලි අඩංගු ගමන් මළු තුළ සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟිනි. අත්අඩංගුවට ගත් එම චීවරධාරීන් 22 නා අද (27) අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කළ අතර, ඔවුන් දින 7ක රැඳවුම් නියෝග මත දැනට ප්‍රශ්න කිරීම්වලට ලක් කෙරේ.
මෙම ජාවාරම මෙහෙයවූ බවට සැකකෙරෙන ප්‍රධාන සැකකාර හිමිනම ද ඊයේ අත්අඩංගුවට ගත් අතර, උන්වහන්සේ අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 02 වනදා දක්වා රඳවා තබා ගැනීමට නියෝග කෙරුණි. තායිලන්තයේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවූ පාර්ශ්වයන් සහ මෙම ජාලයට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් අනාවරණය කර ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.










