මහා භාණ්ඩාගාරය විසින් හැකර්වරුන්ට ගෙවන ලද බව කියන ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල පැහැර ගැනීම පැහැදිලිවම සංවිධානාත්මක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමීර පෙරේරා මහතා පවසයි.
පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, මෙය හුදු සයිබර් ප්‍රහාරයකට එහා ගිය, අභ්‍යන්තර පාර්ශ්වයන්ගේ මැදිහත්වීමක් සහිත සිදුවීමක් බවට සැක පවතින බවයි. මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වගකිවයුතු සියලු දෙනාට එරෙහිව පක්ෂ භේදයකින් තොරව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු මෙහිදී ඉල්ලා සිටියේය.
ඕස්ට්‍රේලියාවේ ණය වාරිකයක් ගෙවීමට යාමේදී සිදුවූ බව පැවසෙන මෙම මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, විෂය භාර අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ද මීට පෙර ප්‍රකාශ කළේ මෙයට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බවයි.











