නඩු කටයුතු අවසන් වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් අද (27) දින වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ පිහිටි විශේෂ දහන උදුනේදී විනාශ කිරීමට පියවර ගැනුණි. පසුගිය සමයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදු කරන ලද වැටලීම්වලදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතරින් හලාවත සහ බලපිටිය අධිකරණවල නඩු විභාග අවසන් වූ මත්ද්‍රව්‍ය මෙලෙස විනාශ කර තිබේ.
මෙම අවස්ථාවේදී විනාශ කරන ලද මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අතර හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සහ ග්‍රෑම් 888ක්, කේරළ ගංජා කිලෝ 33ක් සහ ග්‍රෑම් 172ක් මෙන්ම සාමාන්‍ය ගංජා කිලෝ 247ක් සහ ග්‍රෑම් 940ක් අඩංගු විය.
අධිකරණ නියෝග මත ඉතා ආරක්ෂිතව සහ විනිවිදභාවයකින් යුතුව මෙම විනාශ කිරීමේ ක්‍රියාවලිය සිදු වූ අතර, ඒ සඳහා උසස් පොලිස් නිලධාරීන් සහ අධිකරණ නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ. මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව රජය ගෙනයන වැඩපිළිවෙළෙහි තවත් එක් තීරණාත්මක පියවරක් ලෙස මෙය සැලකේ.











