ප්‍රජා ශක්ති වැඩසටහනට සමගාමීව බේරුවල, මරදාන ධීවර ලෙල්ලම ආශ්‍රිත මුහුදු වෙරළ තීරය පිරිසිදු කිරීමේ විශේෂ ශ්‍රමදාන වැඩසටහනක් පසුගියදා සාර්ථකව පවත්වන ලදී. වෙරළ තීරයේ සුන්දරත්වය සහ පිරිසිදුකම රැකගැනීමේ අරමුණින් සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා ප්‍රදේශයේ රාජ්‍ය ආයතන මෙන්ම පාසල් දරුවන්ගේ ද විශාල දායකත්වයක් ලැබී තිබේ.
බේරුවල නගර සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ බේරුවල පොලීසිය මෙයට පූර්ණ සහය ලබා දුන් අතර අල් ෆාසියතුල් නස්රියා පාසල් සිසුන්, අල් අමානත් පෙර පාසල සහ ‘පාර්ලී ෆෝ ද නේෂන්’ සංවිධානයේ සාමාජිකයෝ ද මෙයට එක්ව සිටියහ. පරිසරය සුරැකීම වෙනුවෙන් ප්‍රජාව ඒකාබද්ධව සිදුකළ මෙම උදාර මෙහෙවර ප්‍රදේශවාසීන්ගේ ඇගයීමට ලක්ව ඇත.














