මොරවැව පොලිස් වසමේ 06 යාය ප්‍රදේශයේ වගා ඉඩමක් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (27) දින මෙම අනතුර සිදුව ඇති අතර, මියගොස් ඇත්තේ මොරවැව ප්‍රදේශයේම පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.
මොරවැව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා විසින්ම සිය වගා ඉඩම ආරක්ෂා කර ගැනීම සඳහා මෙම අනවසර විදුලි රැහැන යොදා ඇති බවයි. එහි පැටලීමෙන් සිදු වූ විදුලි සැර වැදීම මරණයට හේතු වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මොරවැව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.













