හලාවත පොලිස් වසමේ නරියගම ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක අත්අඩංගුවට ගැනීමට හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත්ව තිබේ. ඊයේ (27) දහවල් සිදුකළ මෙම වැටලීමේදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 60ක් (බෝතල් 80ක්) පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකාරිය මුගුණුවටවන ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවකි. සැකකාරිය සහ මත්පැන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා හලාවත පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, හලාවත පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.















