හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ. වාර්තා වන අන්දමට ඒ මහතා මෙලෙස පැමිණ ඇත්තේ කිසියම් විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.
මීට පෙර අවස්ථාවලදී ද විවිධ කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමට හිටපු ජනාධිපතිවරයා විමර්ශන ඒකක හමුවට පැමිණි අතර, අද දින සිදුකරන මෙම ප්‍රකාශය කුමන නිශ්චිත චෝදනාවක් හෝ සිදුවීමක් සම්බන්ධයෙන් ද යන්න පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
















