ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අපනයන ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන Hela Clothing (Private) Limited සතු ප්‍රධාන කර්මාන්තශාලා කිහිපයක් අත්පත් කර ගැනීමට Emerald Clothing (Pvt) Ltd කටයුතු කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ මෙරට අපනයන පදනම තවදුරටත් ස්ථාවර කිරීමට සහ අදාළ ආයතනවල සේවක රැකියා සුරක්ෂිත කිරීමේ අරමුණින් බව වාර්තා වේ.
මෙම ගිවිසුම යටතේ තුල්හිරිය සහ පළාපත්වල පිහිටි Hela Clothing සමාගමට අයත් ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථාන Emerald Clothing සමාගම යටතේ ඉදිරියට ක්‍රියාත්මක වනු ඇත. ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම දේශීය සන්නාමයක් වන Emerald සමාගම මෙලෙස අපනයන අංශයට ප්‍රවේශ වීම ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් ලෙස සැලකේ.















