මැයි මස පළමුවැනිදාට යෙදී තිබෙන වෙසක් පොහොය දිනය රජයේ දේශපාලන උවමනාවන් මත වෙනස් කර ඇති බවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, අග්ගමහා පණ්ඩිත මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් චෝදනා කරති.
ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ මැයි දින සැමරීම් පැවැත්වීමේ පහසුව වෙනුවෙන් මෙලෙස වෙසක් පොහෝ දිනය වෙනස් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බවයි. ආගමික වශයෙන් වැදගත් උත්සව දේශපාලන වාසි තකා මෙලෙස වෙනස් කිරීම අනුමත කළ නොහැකි බව ද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.













