මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් කොන්ත්‍රාත්කරුවෙකුට රුපියල් මිලියන 390 කට අධික මුදලක් දෙවතාවක් ගෙවා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි. මඟ නැඟුම පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එවැනි කිසිදු අතිරේක හෝ සාවද්‍ය ගෙවීමක් සිදු වී නොමැති බවයි.
වාර්ෂිකව රුපියල් බිලියන 340-350 ක ප්‍රතිපාදන වෙන් කෙරෙන මාර්ග සංවර්ධන අධිකාරිය වැනි වැදගත් ආයතනයක් පිළිබඳව මෙලෙස පදනම් විරහිත තොරතුරු සමාජගත කිරීම ආයතනයේ කීර්තිනාමයට හානි කරන්නක් බවත්, අධිකාරියේ පවතින විධිමත් ගිණුම් පද්ධතිය යටතේ අනුමැතියකින් තොරව කිසිදු ගෙවීමක් කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය. නලින් බණ්ඩාර මහතා ඉදිරිපත් කළ වීඩියෝ සාක්ෂි පවා විමර්ශනය කර ඇති බවත්, ඒ සෑම කරුණක්ම වැරදි බව තහවුරු වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරනු ලැබීය.














