පසුගියදා ඇති වූ “දිට්වා” සුළි කුණාටු ව්‍යසනය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙත වන්දි චෙක්පත් ප්‍රදානය කිරීම සහ පූර්ණ හානියට පත් පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට මුල්ගල් තැබීම පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති සුනිල් රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
රුපියල් ලක්ෂ 50ක වියදමින් ඉදිවන මෙම නව නිවස ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව යළි පදිංචි කරවීමේ වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක වේ. මෙම අවස්ථාවට ඇලහැර ප්‍රාදේශීය ලේකම් සී.කේ. කරුණාරත්න මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ. ස්වාභාවික ආපදාවලින් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම රජයේ ප්‍රමුඛතාවක් බව මෙහිදී අවධාරණය කෙරිණි.














