ශ්‍රී ලංකාවේ “ඒහිපස්සිකෝ” ලෙස නම් කර තිබූ “ලෝක සාමය සඳහා ඇවිදින්න” නැමති සාම පාගමනට සහභාගී වූ භික්ෂූන් වහන්සේ අද (29) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියහ.
ඇමෙරිකාවේ වාසය කරන වියට්නාම් ජාතික පඤ්ඤාකර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිස මෙලෙස දිවයිනෙන් පිටත්ව ගියහ.
උන්වහන්සේ අද උදෑසන 07.12 ට කටුනායක ගුවන් තොටුපොළෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගියහ.
ඉස්තාන්බුල් නුවර සිට වෙනත් ගුවන් යානයකින් ඇමෙරිකාව බලා වැඩම කිරීමට නියමිතව ඇත.
ඊයේ (28) පස්වරුවේ නිදහස් චතුරශ්‍රයේදී මෙම සාම පාගමන නිමාවූ අතර එහිදී ඇමෙරිකාවට වැඩම කරවීම සඳහා ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් ද උන්වහන්සේ වෙත පූජා කෙරුණි.















