චීනයේ මෝජෑන් නුවර පැවැත්වෙන ලොව විශාලතම “නිවුන්” උළෙල සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා නිවුන් කණ්ඩායම ඊයේ (28) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. රටවල් 70 කින් නිවුන්නු ලක්ෂයකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම දැවැන්ත උළෙල අප්‍රේල් මස 30 වනදා සිට මැයි මස 04 වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
මෙම ජාත්‍යන්තර සමුළුවේදී ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සහ සංස්කෘතික උරුමය ලොවට විදහා දැක්වීම සඳහා අප රටට ආවේණික වූ නර්තන අංග ඇතුළත් විශේෂ වැඩසටහන් රැසක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිවුන් කණ්ඩායම සූදානමින් සිටියි. මෙම අවස්ථාව ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ජාත්‍යන්තර තලයට රැගෙන යාමට ලැබුණු ඉතා වටිනා අවස්ථාවකි.














