මොරටුව දෙස සිට පානදුර දෙසට ධාවනය වූ බස් රථයක රියදුරුට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් බස් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයේ විරුද්ධ දෙසට ධාවනය වී අසල තිබූ නිවසක ගැටී අනතුරක් සිදුව තිබේ. මෙම අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක ද ගැටී ඇති අතර, එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ. අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ සිටි මගීන්ට කිසිදු අනතුරක් සිදුවී නොමැති බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මොරටුව පොලිසියේ රථ වාහන අංශය මගින් ක්‍රියාත්මක කරනු ලබයි.
















