චීනයේ සන්‍යා නුවර පැවති 06 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා වෙරළ කබඩි කණ්ඩායම් ජයග්‍රහණ රැසක් අත්කර ගනිමින් අද (29) රාත්‍රී දිවයිනට පැමිණියහ. මෙහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර, පිරිමි කණ්ඩායම ලෝකඩ පදක්කම දිනා ගනිමින් මව්බිමට කීර්තියක් අත්කර දුන්හ.
අප්‍රේල් 18 සිට 29 දක්වා පැවති මෙම තරගාවලිය නිමවා පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, ත්‍රිවිධ හමුදා ක්‍රීඩා අංශවල නිලධාරීන් සහ ඥාතීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.














