රුසියානු සහ යුක්‍රේන ජනාධිපතිවරුන් අතර මේ වනවිට ධනාත්මක සංවාදයක් ගොඩනැගෙමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. දෙපාර්ශ්වය අතර පවතින දීර්ඝකාලීන යුද ගැටුම් සමතයකට පත්කිරීමේ අරමුණින් මෙම සාකච්ඡා සිදුවන බව ඔහු පෙන්වා දෙයි.
දෙරටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව තම පරිපාලනය සමීපව කටයුතු කරමින් සිටින බවත්, ඉතා ඉක්මනින් දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණෙනු ඇතැයි සුබවාදී බලාපොරොත්තු තබා ගත හැකි බවත් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත.














