වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් පෙත්සමක් මඟින් වැඩි කාලයක් ඉල්ලා සිටියත් එවැනි සහනයක් ලබා දිය නොහැකි බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිල වශයෙන් දැනුම් දී ඇත. මේ අනුව ඉදිරි සති දෙකක කාලය ඇතුළත අදාළ ප්‍රකාශ ලබා දිය යුතු බවට සඳහන් කරමින් කොමිසම පසුගිය අඟහරුවාදා හිටපු ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමු කර තිබේ. මීට පෙර ලිපි ලේඛනවලින් කොටසක් පමණක් ලබා දී තිබූ අතර හිටපු ජනාධිපති ආර්ය ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නමින් පවතින දේපළක් සම්බන්ධයෙන් ද මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇත. එම දේපළ පැවරීම හෝ විකිණීම දැනටමත් තහනම් කර ඇති අතර අවශ්‍ය තොරතුරු ලබා නොදුන්නහොත් එම දේපළ රාජසන්තක කිරීමට පියවර ගන්නා බව ද අල්ලස් කොමිසම වැඩිදුරටත් අවධාරණය කරයි.














