මහා භාණ්ඩාගාරයේ මුදල් සම්බන්ධයෙන් සිදුව ඇත්තේ හැක් කිරීමක් නොව පැහැදිලි වංචාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. තංගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රජය විසින් සත්‍ය තොරතුරු රටට හෙළි කළ යුතු බවයි. ආණ්ඩුව තමන්ගේ වැරදි වසා ගැනීමට අන් අයට චෝදනා කරන නමුත් එම උපක්‍රම දැන් අසාර්ථක වෙමින් පවතින බවත් වරායෙන් කන්ටේනර් 323ක් අස්ථානගත වීම සහ බාල ගල්අඟුරු ගෙන්වීම වැනි සිදුවීම් හරහා රජයේ ක්‍රියාකලාපය හෙළි වී ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මහා භාණ්ඩාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් නිසි නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම ගැටලු සහගත බව පවසන ඒ මහතා ඇතැම් ආයතනවලට මාස ගණනාවකින් ගෙවීම් කර නැති පසුබිමක ඇතැම් සමාගම් සඳහා දෙවතාවක් ගෙවීම් සිදු කර ඇති බව ද වැඩිදුරටත් අනාවරණය කළේය.














