මෙරට අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීමේ අරමුණින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක විශේෂ ආධාර මුදලක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) එකඟතාව පළ කර තිබේ. මෙරට අපනයන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි විශේෂ නියෝජිත පිරිසක් සහ රජයේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡා අතරතුර මෙම එකඟතාවට එළඹි බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.
මෙම ආධාරය හරහා ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය නවීකරණය කිරීමට සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ තරගකාරීත්වය ඉහළ නංවා ගැනීමට විශාල දායකත්වයක් ලැබෙනු ඇත. ඉදිරියේදී ද මෙරට අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කරමින් ආර්ථිකය නඟා සිටුවීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය හිමිවන බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














