කුරුණෑගල සිට කල්පිටිය දක්වා ධාවනය වූ කාර්යාල බස් රථයකට කල්අඩිය – පාලවිය මාර්ගයේදී එල්ල වූ බෝතල් ප්‍රහාරයකින් එහි රියදුරු බරපතළ තුවාල ලබා තිබේ. මාර්ගය අසල සිටි තරුණයන් දෙදෙනෙකු වැලි පිරවූ බෝතලයකින් බස් රථයේ ඉදිරිපස වීදුරුවට මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, වීදුරුව සිදුරු කරමින් පැමිණි බෝතලය වැදීමෙන් රියදුරුගේ මුහුණට සහ ඇසකට තුවාල සිදුව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
ප්‍රහාරයෙන් තුවාල ලැබුවද, රියදුරු දැඩි පරිශ්‍රමයක් දරා බස් රථය පාලනය කර නවත්වා ගැනීමට සමත්වීම නිසා එහි ගමන් කළ ගුරුවරුන් ඇතුළු 50කට ආසන්න මගීන් පිරිසකගේ ජීවිත මහත් අනතුරකින් බේරී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටී.














