හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (30) නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් අද දින මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ ද එය මැයි මස 26 වැනිදා සිදු කරන බව විනිසුරුවරයා නිවේදනය කළේය.
සරණ ගුණවර්ධන මහතා 2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ කාලසීමාව තුළ එම මණ්ඩලයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩු පවරා තිබුණි.














