මෙවර මැයි දින රැලි සංවිධානය කිරීම අනෙකුත් දේශපාලන කණ්ඩායම්වලට පවතින ප්‍රධානතම අභියෝගය වී ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ජනතාව විශාල වශයෙන් ඒකරාශී කරමින් සාර්ථක මැයි රැලියක් පැවැත්වීමට නොහැකි වන විට, විවිධ හේතු දක්වමින් මැයි දින සැමරුම් මඟහැරීමට ඇතැම් පාර්ශව උත්සාහ ගන්නා බව ඔහු පෙන්වා දෙයි. මැයි දිනය සැමරීම ප්‍රතික්ෂේප කිරීම හෝ එය සුළුවෙන් තැබීමට උත්සාහ කිරීම ඔවුන්ගේ දේශපාලන පසුබෑම වසා ගැනීමට ගන්නා උත්සාහයක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ජාතික ජන බලවේගය මෙවර දිවයින පුරා ප්‍රධාන නගර කිහිපයකම දැවැන්ත මැයි රැලි සංවිධානය කර ඇති බවත්, එයට ලැබෙන ජනතා ප්‍රතිචාරය හමුවේ අනෙකුත් දේශපාලන පක්ෂ දැඩි අර්බුදයකට පත්ව ඇති බවත් නලින්ද ජයතිස්ස මහතා මෙහිදී අවධාරණය කළේය. මැයි දිනය යනු හුදෙක් උත්සවයක් පමණක් නොව වැඩ කරන ජනතාවගේ ශක්තිය ප්‍රදර්ශනය කරන අවස්ථාවක් බැවින්, එය සාර්ථකව කළ නොහැකි පිරිස් විවිධ බහුබූත කතා පවසමින් සිටින බව ඔහු පවසා සිටියි.














