කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය අප්‍රේල් මාසයේදී සියයට 5.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. පසුගිය මාර්තු මාසයේදී සියයට 2.2ක් ලෙස වාර්තා වූ උද්ධමනය මෙලෙස සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇත.
ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය මාර්තු මාසයේ පැවති සියයට 0.7ක මට්ටමේ සිට අප්‍රේල් මාසය වන විට සියයට 2.8ක් දක්වා වැඩි වී තිබේ. එසේම ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ද අප්‍රේල් මාසයේදී සියයට 6.8ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය මාර්තු මාසයේදී වාර්තා වූයේ සියයට 2.9ක් ලෙසිනි.














