වත්මන් රජයේ සාර්ථකත්වය 2025 වසරේ ශ්‍රී ලංකා මහබැංකු වාර්තා මගින් මනාව තහවුරු වන බව අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කළේය. අභියෝග පැමිණිය ද ඒවා සාර්ථකව කළමනාකරණය කරගනිමින් ජනතා අභිලාෂයන් ඉටු කිරීමට රජය කැපවී සිටින බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කැලණිය ප්‍රාදේශීය සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. මෙම කමිටු රැස්වීමේදී කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහජන ආරක්ෂාව සහ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කර තිබේ.














