ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල හැකියාවන් රටේ අනන්‍යතාව හා බැඳුණු “ජාතික සම්පතක්” ලෙස සලකා ඒවා අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන බව ඉරානයේ උත්තරීතර නායකයා ප්‍රකාශ කර තිබේ. ඉරාන රජයේ නිල රූපවාහිනී සේවය හරහා නිකුත් කළ ප්‍රකාශයක මේ බව සඳහන් බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ තාක්ෂණික, කාර්මික මෙන්ම න්‍යෂ්ටික සහ මිසයිල ශක්තිය එරට අනන්‍යතාවයට ඉතා වැදගත් වන බැවින් රටේ ගොඩබිම සහ ගුවන් සීමාව ආරක්ෂා කරන්නාක් මෙන් මෙම සම්පත්ද ආරක්ෂා කරන බව එහි සඳහන් වේ. පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින අස්ථාවරත්වයට සහ අනාරක්ෂිත භාවයට වගකිව යුත්තේ අමෙරිකානු හමුදාවන් එම කලාපයේ රැඳී සිටීම බවටද උත්තරීතර නායකයා එහිදී චෝදනා කර ඇත.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ මෙම වැඩසටහන් සීමා කිරීමට නව එකඟතාවලට එළඹීමට උත්සාහ කරමින් සිටින පසුබිමක ඉරාන නායකත්වයෙන් මෙම දැඩි ප්‍රකාශය නිකුත් කර තිබේ.














