ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් දේශපාලන පක්ෂ සහ සංවිධාන විසින් කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක පවත්වනු ලබන මැයි දින පෙළපාලි හා රැස්වීම් වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව පොලීසිය පවසයි.
බස්නාහිර පළාත් රථ වාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ සේනාධීර මහතා සඳහන් කළේ, බුද්ධි වාර්තා සහ ආරක්ෂක තක්සේරු පදනම් කරගනිමින් මෙම ආරක්ෂක සැලසුම් සකස් කර ඇති බවයි. ජනතාව විශාල වශයෙන් එක්වන රැස්වීම් සහ පෙළපාලි සඳහා අවශ්‍ය රථ වාහන කළමනාකරණය මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු බුද්ධි නිලධාරීන් ද යෙදවීමට පියවර ගෙන තිබේ.














