ඉන්දියාවේ විශාකාපට්නම් නගරය කේන්ද්‍ර කර ගනිමින් ගූගල් සමාගම සිය නවතම කෘතිම බුද්ධි (AI) මධ්‍යස්ථානය ඉදිකිරීම ආරම්භ කර තිබේ. මෙය ඉන්දියාවේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් සිදුකළ විශාලතම ආයෝජනය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව සඳහා ඉන්දීය මධ්‍යම තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා, ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා සහ එම ප්‍රාන්තයේ තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික පිරිසක් සහභාගී වූහ. ගූගල් සමාගමේ මෙම ආයෝජනය තුළින් ඉන්දියාවේ තාක්ෂණික ක්ෂේත්‍රයේ නව පිම්මක් සනිටුහන් වනු ඇති බවත්, එය දකුණු ආසියානු කලාපයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කරනු ඇති බවත් ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දෙයි.














